'' නංගි කැමති නම් බ්ලෝග් එකට ලියන්න''
''වෙලාව තමයි අඩු අයියේ...........
ලසන්ත අයියගේ දයාබර ඉල්ලීමට මම දුන්නේ අසාධාරණ උත්තරක්.
කොහොම වුණත් සති කීපයකට පස්සේ කාර්යාල පුස්තකාලය පැත්තේ රවුමක් යන්න මට පුංචි ඉඩක් ලැබුණා... විශේෂයක් නොවුණත් හොදයි කියා හිතුණ පොත් දෙකක් මගෙ ලඟට ගත්තා... එයින් එකක් එක හුස්මට කියෙව්වා ..... එය නවකථාවක්වත්, කෙටි කථාවක්වත්, කවි පොතක්වත් නෙමේ…….
කාලයකට ඉහත ඉරිදා ලක්බිම පුවත්පතේ පල වු ඉතා සංවේදී සත්‍ය සිදුවීම් 26 ක් එහි අපුරුවට පෙලගස්වා තිබුණා.
පැදුරෙන් වැටුණු මිනිස්සු - දමින්ද ජීවාන් රණසිංහ
මුල කථා 4 ක් 5 ක් කියවද්දි තවත් ඉදිරියට කියවන්න බෑයි කියලත් හිතුණා. ඒ තරමටම සමහර සිදුවීම් සංවේදීයි. අපේ වටේ ඉන්න අපි වගේම ලේ මස් නහර වලින් සෑදුණු මිනිස්සු මුහුණ පෑ
අනුවේදනීය සිදුවීම් එහි සටහන් වී තිබුණෙ හිත රිද්දන පෑන් තුඩු පහර වලින්.
මුළු පොතම කියෙව්වට පස්සේ විශේෂිත සිදු වීම් කීපයක් හිතේ පතුලේම ඉතුරු වුණා. එයින් එකක් වුනේ ඇඹිලිපිටියේ ඉනෝකාගේ කථාව. එය, තාත්තා හැරදමා ගිය පවුලක, භීෂණය විසින් තම එකම අයියාව අහිමි කල, තම එකම පුතා අහිමි වු සොවින් අකාලයේ මව මිය ගිය පසු කාත් කවුරුත් නොමැතිව තනි වු තරුණියකගේ කතාවක්.
එහි ඇගේ මව නිතර කී කථාවක් ලියවී තිබුණා.'' මට හිතෙනවා මට මගේ පුතා ගැන මතක් වෙනකොට ඇගේ ලේ වතුර වෙනවා කියලා''
තම පුතු සෙවීමට සෑම කඳවුරකටම කකුල් ගෑටු ඇය, අවසාන ලියුකේමියා රෝගයෙන් මියැදී තිබුණා.
දෙවැනි කථාව වුනේ '' පෙම්වතියට වකුවඩුවක් දන් දී බිරිදට වකුවඩුවක් සොයන සැමියෙක්''
එය සුරන්ති නැමති වකුවඩු ආබාධයෙන් පෙලුණ තරුණියකට වකුවඩුවක් පරිත්‍යාග කර, පසුව ඇය හා පෙමින් වෙලී, විවාහ වී, කලකට පසුව නැවත ඇය අසනීප වීම නිසා තවත් සැත්කමකට වකුගඩුවක් සෙවු, විජේසිරි නම් වු දිරිය තරුණයෙක් ගැන සටහනක්.
ඉහත සිදුවීම් දෙකටම පාදක වෙලා තිබුණෙ තමන්ගේ ලබැදියන්ගේ ජීවිත වෙනුවෙන් දිරිය වැඩුවන් ගැන ඉනෝකාගේ අම්මා, තම එකට පුතු වෙනුවෙන් විජේසිරි තමන් ආදරය කල තම බිරිද වෙනුවෙනුත් අනේක දුක් කන්දරාවක් වින්ද ආකාරය ලියවිලා තිබුණු.
මේ තවත් කතාංග දෙකක් පමණයි.අපිට නොපෙනෙනථ අපට නොඇසෙන තවත් හදවත් ගණනාවක් මේ විදියට තම ලබැදියන් වෙනුවෙන් සුසුම් භෙළනවා ඇති.
මේ පුංචි සටහන ඒ දිරිය මිනිසුන්ගේ අනේක විධ දුක් සුසුම් - කදුථ වැල් වෙනුවෙන්.
රුක්මි.