2010/04/22

පෙනීම....

ද්රුශ්ඨිය


ඔබ සිතනවාද ඔබට පෙනෙනදෙ ඇසෙන සියල්ලකිම සත්ය වශයෙන්ම මෙ ලොකය තුල පවතිනවා කියා?

මදකට සිතන්න සුන්දර හවස් වරුවක ඔබ මුහුදු වෙරලක සිටි අවස්තාවක්.......

ඔබ දකින්න ඇති ඔබෙ නෙත් ඉදිරිපිට ලස්සන කෙල්ලො එහෙ මෙහෙ යනවා...
ඉට එපිටින් මුහුදෙ රල වෙරලෙ වදිනවා....
ඉටත් එහාඉන් ඈත මුහුදෙ නැවක් මුහුදෙ පාවෙනවා...
ඉටත් එපිටෙන් සැන්දැ හිරු බැස යනවා...

මේ සියලුම දේ එකම දර්ශනයක......

මදක් සිතන්න මෙතරම් ලස්සන දර්ශනයක් ඔබෙ නෙත් ඉදිරිපිට මැව්නේ කෙසෙද කියා....

සූර්යාගෙ සිට පැමිනෙන ආලෝක කිරන වස්තුවල වැදී එම කිරන නැවත පරාවර්තනය ව් අපේ ඇහේ ගැටීමෙන් එම වස්තුව අපට දර්ශනය වන බව අපි දන්න දෙයක්.
එසේනම් එම වස්තුවේ සිට අපේ ඇහැට ආලෝක ගමන් ගනීමටත් යම් කිසි ඉතා කුඩා කාලයක් ගතවෙනවා.

උදාහරණයක් විදියට අපි ගමු ඔබ ඈත මුහුදේ දැක්ක නැව... නැවෙ ඉදලා ඔබේ ඇහැට ආලොක කිරන පැමිනීමට ගතවුන කාලය x කියලා හිතමු.
දැන් අපි හිතමු ඇත එපිට අහසෙ තිබ්බ ඉර..... ඉරේ ඉදල ආපු ආලොක කිරන ඇහේ ගටෙන්න x වලට වඩා වැඩි කාලයක් ගතවන බව ඕන කෙනෙක්ට තේරෙන දෙයක්.
අපි එම කාලය X ලෙස හදුන්වමු.

ඒ අනුව

x < X

අපි ආලෝක කිරණ ඇසේ ගැටුන වේලාව T කියා නම් කරමු.

එසේ නම්

නැවේ සිට ආලෝක කිරණ ගමන් කිරීම පටන්ගත් වේලාව = T - x

සහ

ඉරේ සිට ආලෝක කිරණ ගමන් කිරීම පටන්ගත් වේලාව = T - X

ඒ අනුව

T - X < T - x

මෙය මේ අකාරයෙන් සිදුවන්නෙ නම් ඈත මුහුදෙ තිබෙන නැවත් ඉරත් එකම දර්ශනයක දැකීම කෙතරම් යථාර්ථවාදීද?