2010/04/27

2012 බැලීමි

2012 තිරගත කරන්න පටන් අරන් තරමක කාලයක් ගත වුනත් මට බලන්න පුලුවන් උනෙ පහුගිය සති අන්තයෙ.
ලෝක විනාසෙ ගැන මිනිස්සු කොච්චර උනන්දුද කියල හිතාගන්න පුලුවන් පහුගිය කාලෙ තිරගතවුන චිත්තරපට සහ ඒවාට තේමාවුන වස්තුබීජ ගන research එකක් කලොත්.

කොහොම උනත් movie එකනම් සිරා. ඒක නිසාම තිරරචකයා කරල තියෙන දේ ගැන මම පොඩි විපරමක් කරල බලන්න හිතුනා.

චිත්තරපටියෙ මූලික කතාව ගොනුවෙලා තියෙන්නෙ මූලික කරුනු 2ක් පදනම් කරගෙන.

1. 2012 Phenomenon.
2. Great flood and Noah's Ark

මේ කරුනු 2න් පලමුවැන්න ගැන මම මේකේ ලියන්න යන්නෙ නැ. දැනටමත් මේ සන්කල්පය සමාජය තුල තරමක ආන්දෝලනයක් කර ඇති නිසා.
ඒත් චිත්තරපටියෙ එන "Arks Project" සන්කල්පය කෙලින්ම පුරාණ බ‍යිබලයෙ එන ජනප්‍රවදයක් කෙලින්ම කොපි කිරීමක් යැයි මම කියනවා....

තිරනාටකකරුවා මෙහිදී කරඇත්තේ මා ඉහත සදහන්කරන ලද අව්රුදු 5000කටත් වඩා ඉපැරණි පුරාව්රුත්ත කීපයක් අද ලෝකයට ගැලපෙන ආකාරයට එකතුකර ගෙනහැරපෑම පමන‍යි.