2010/06/19

බදු සන්ශොදනය මගේ ඇසින් .....


මේ මාසෙ පටන් ගන්නකොටම අපිට( ඒ කියන්නෙ වාහනයක් ගන්න ආසාවෙන් බලන් හිටපු හැමෝටම ;-) ) සුබ ආරන්චියක් ආවා. ආරන්චිය ගැන මම අටුවා ටිකා කියන්න ඕනේ නෑනෙ. ඒක තමයි රජයේ තීරූ බදු සන්ශෝදනය. ටිකකින් එහෙම නෙවෙයි 50% කින්.

කොහොම උනත් මේක හැමෝටමනම් සුබම සුබ ආරන්චියක් වුනේ නෑ. ඒ කියන්නෙ පහුගිය කාලේ අමාරුවෙන් වාහනයක් ගත්ත අයටත් අසාදාරන විදියට වාහන වල ගනන් උස්සපු සමහර සේල් කාරයන්ටත් මේක දරාගන්න අමාරු දෙයක්. ඒත් මට අහන්න ලැබුන විදියට අතලොස්සක් මේක බලාපොරොත්තුවෙන් හිටියත්ලු.

ඒ කියන්නෙ සමහර වාහන ගෙන්වා බෙදාහරින ආයතන මේක බලා පොරොත්තුවෙන් හිටියලු. මේ ආරන්චිය එනකොට ඔවුන් සන්තකේටම තිබ්බෙ වාහන කීපයක්ලු.

කොහොම නමුත් මේක ගැන පහුගිය ටිකේ(තාමත් ඉවර නෑ...) කතා ගොඩයි.

සමහරු කියනවා ආන්ඩුවේ සමහර හිතවතුන්ට වාහන ගෙන්නන්න සහන දෙන්න ඕන නිසාලු මේක කලේ.
ඒ වාහන ගෙන්නපු ගමන් ආයෙත් බදු වැඩි කරනවලු.

තවත් සමහර අය කිව්වා මෙහෙ බදු අඩු කරාට පස්සෙ ජපානේ වාහන ගනන් ගිහින්ලු.

තවත් සමහරුන් කිව්වා ආන්ඩුව බලාපොරොත්තුවෙන් ඉන්න IMF ණ්යේ ඉතිරි ටික ගන්න IMF එකේ උවමනාවට කරපු දෙයක්ලු.


ඉතාමත් අතලොස්සක් කිව්වා(විශේෂයෙන්ම ආන්ඩුවට සම්බන්ද අය....) මේක රජයේ, මේ රට ආසියාවේ අශ්චර්යය කිරීමේ වැඩපිලිවලේ කොටසක් කියලා.

කොහොම නමුත් කියන්නා කෙසේ කීවත් අපි අසන්නො විදියට මේක ගැන හෝයා බලන්න ඕනේ නේද..

මම මේ ලිපියෙන් උත්සාහ කරන්නෙ රජයේ මේ කිරියාව පොඩ්ඩක් මගේ දැනුමේ හැටියට විමසා බලන්න.
හැබැයි මම ආර්ථික විද්‍යාව ගැන විද්වතේක් නම් නේවෙයි. බ්ලොග් එකේ නමේ හැටියටම මේක මගේ ලෝකය. නැත්තන් මම ලෝකය දකින විදිය. කෙටියෙන් කිව්වොත් මම මේක දකින විදිය....

උඩින් තියෙන රූපයේ තියෙන්නේ රටක විදේස මුදල් සහ දේසීය මුදල් සන්චිත පෙන්නුම් කිරීමට මම කරපු උත්සාහයක්.

රටක සන්චිත දෙවර්ගයක් තියෙනවා.

1. විදේස මුදල් සන්චිත
2. දේසීය මුදල් සන්චිත

රටක් සතු විදෙස් සන්චිත ප්‍රමානය එහි මිලදී ගැනීමේ හැකියාව විදහාපායි. ඒ කියන්නෙ විදේස සන්චිත අදික ලෙස පවතින රටකට අන්තර්ජාතික වශයෙන් වැඩි මිලදී ගැනීමේ හැකියාවකුත් අනිකුත් රටවල් කෙරෙහි වැඩි බලපෑමක් කිරීමේ හැකියාවකුත් පවතිනවා. පහුගිය 2009 වසරේ අප්‍රි‍‍‍‍ය්ල් මාසය වනවිට රජය සතු මුලු විදේස සන්චිත ප්‍රමානය ඇමරිකානු ඩොලර් බිලියන 1.36ක් එසේත් නැත්නම් මාස වලින් ගත්තොත් මාස දෙකහමාරක් වැනි සුලු කාලයකට සරිලන ආනයන සදහා ප්‍රමානවත් වන තරමක් තමයි අපිට තිබ්බෙ.
රටක විදේස සන්චිත වැඩිකරගන්න පුලුවන් වෙන්නෙ කොහොමද?

අපනයන ප්‍රමානය වැඩි කර ඒ තුලින් අපනයන වලට ලැබෙන ආදායම වැඩිවීමෙන්....
විදේශයන්හී සේවය කරන අපේ ශ්‍රමිකයක් එවන මුදල් වැඩිකර ගැනීම තුලින්.....
අන්තර්ජාතිකව ගන්නා ණ්ය වලින්.....
විදේස ආයෝජන උත්තේජනය කිරීම තුලින්...

මේ ආකාරයෙන් අපිට අප සතු විදේස සන්චිත ඉහල නන්වන්න පුලුවන්. 2008 වසරේ රජය ගියේ මෙහි 3න් වන ඔප්සන් එකටයි. ඒ කියන්නෙ IMF ලෝන් එක. මේ ණය ලැබීමත් සමගම අපේ රට 2009 වසරේ නොවෙම්බර් මස වන විට විදේස සන්චිත ප්‍රමානය ඇමරිකානු ඩොලර් බිලියන 5.2 දක්වා වැඩිකර ගත්තා. ඒ කියන්නෙ මාස වලින්නම් මාස 8කට ප්‍රමානවත්. මේ අව්රුද්දෙ මැයි මාසය වනවිට තත්වය මීටත් වඩා යහපත්.

නමුත් මීට සාපේක්ෂව රජය සතු රුපියල් සන්චිත ඉහල ගියේ නැ. අපි බලමු ඇයි මම එහෙම කියන්නෙ කියලා...
අපේ වගේ රජයකට ආදායම් ලැබෙන ප්‍රදාන ක්‍රම කීපයක් තියෙනවා.

ජනතාවගෙන් රැස්කරගන්නා බදු මුදල්...
දේශීයව ලබාගන්න ණය....
රජයේ දේශීය ආයෝජන වලින් ලැබෙන ආදායම්...
ලාබ ලබන රාජ්‍ය ආයතන වලින් ලැබෙන ලාබය...

2008 - 2009 කාලය තුල ලෝක ආර්ථිකයේ ඇතිවුන සුනාමි තත්වය මෙරටට බලපෑම වැලැක්වීමට මහ බැන්කුව ගත් පියවරක් තමයි අපේ ආනයන සීමා කිරීම. මේ සඳහා අත්‍යවශ්‍ය නොවන ආනයන වලට බදු පැනෙව්ව අම්බානකටම. එකක් තමයි ආනයනික රථ වාහන වලට ගහපු බද්ද.
මේවා කලේ අපේ තිබුන විදේස සන්චිත ඩින්ග බේර ගන්න. ඒත් ඒ එක්කම වෙච්ච අනිත් දේ තමයි රජයට ලැබේන්න තිබිච්ච තීරු බදු ප්‍රමානය විසාල ලෙස අඩු වීම. ඒ කියන්නෙ රජය දේශීය වශයෙන් දුප්පත් වීම.


දේශීයව දුප්පත් වූ රජය ඉන් මිදීමට බලාපොරොත්තුවන ආකාරය ලිපියේ මීලග කොටසින් බලාපොරොත්තුවන්න........