2010/06/30

මහරගම ජාතික පිලිකා රෝහල

පහුගිය ටිකේ නිතරම මට යන්න වුන තැනක් තමයි මහරගම ජාතික පිලිකා රෝහල. ඒ මගේ මෑණියන් කලක් තිස්සේ දරුණු පිලිකාවක් එක්ක මාරාන්තික යුද්දයක පැටලී ඉන්න හින්දයි. කොහොම වුනත් මේ රෝහල අපේ රටේ තියෙන අමුතුම තැනක්. මේකෙ ඉන්න සුලු සේවකයාගේ ඉදලා ඉහලම නිලධාරියා දක්වා සෑම සේවකයෙක්ම හරිම කරුණාවන්තයි. ලේඩ්ඩු එක්ක මල පැනගෙන ඉන්නෙ නෑ.

දොස්තර මහත්තුරු හරිම ආචාරශීලියි. ඒඅය නිතරම විස්වාස කරන දෙයක් තමයි ලෙඩක් සුව වෙන්න බෙහෙත් හේත් වගේම ලෙඩාගෙ මානසික මට්ටමත් බලපානබව. ඒ නිසා රෝගීන්ගෙ හිත හොදින් තියන්න තමයි නිතරම උත්සාහ ගන්නෙ.

සෙත් පිරිත් සහ බණ දේශනා වැනි ආගමික කටයුතු වරදින්නෙ නැ. රෝගීන්ට නොයෙක් ආයතන වලින් වගේම පුද්ගලයනුත් දාන මාන දීම නිතරම දකින්න පුලුවන්.

මෙකේ ඉන්න අති බහුතරයක් රොගීන් දන්නවා ඒඅය පිලිකා රෝගීන් බව. ඒඅය අතරින් ඉතාම සුලු පිරිසක් හැරෙන්න අනිත් අය සියලු දෙනාම දන්නවා තමන්ට හැදිල තියෙන ලෙඩේ බරපතල කම. ඒ අයගෙනුත් සැලකිවයුතු පිරිසක් දන්නවා එය මාරන්තික රෝගයක් බව.

මරණය තමන්ට අතවනනවා කියල දැනගෙන ඉන්න අය බහුතරයක් ඉන්න තැනක් මොනවගේ ඇද්ද?
ගිහින් ඇස් දෙකෙන්ම බලාගන්න.