2010/06/24

දන්සැල....

අද වැඩ ඇරිල ගෙදර එන්න එනකොට අපූරු දන්සැලක් දැක්ක. අයිස් ක්‍රීම් දන්සැලක්. මම හිතන්නෙ මේක සන්විධානය කරලා තිබ්බෙ ඩයලොග් සමාගමේ අනුග්‍රහය ඇතිව.

උපන්තෙකට මම දැක්ක පොෂ්ම දන්සැල. ඒක මම එහෙම කියන්නෙ හේතු කීපයක්ම නිසයි. දන්සැල සන්විධානය කරපු සෙට් එකෙන් මම දැක්කෙ ටීම් වර්ක් එකක් මිසක් දන්දීමෙන් ඇතිවෙන නිරාමිස සතුට නම් නෙවෙයි. ඒ වගේම දන්සැල භුක්තිවිදපු අයගෙන් දැක්කෙ පින් අනුමෝදනාවකුත් නෙවෙයි. සෙට්වෙලා පොඩි fun එකක් ගන්නවා වගේ දෙයක්.

මම අහලතියෙන විදියට දානය යනු අතහැරීමේ කලාවයි. දානය දීමෙන් භවභෝග වලට තියෙන ඇල්ම අඩුවෙනවා. හිතේ ශ්‍රධ්ධාවක් ඇතිවෙනවා. අනිත් අතට දානය ලබන්නා දානපතියට පින් අනුමෝදනා කරනවා. මේවා දානයේ කැරැක්ටරික්ටික්ස්.

ඒහෙම බැලුවහම අපිමේ අද දකින දන්සැල් සිරාවටම දන්සැල්ද නැත්තන් අපිට කොහේහරි වැරදීමක් වෙලාද?